NEWZ [.LK]
NEWZ [.LK]
Business

Pay&Go, ණය ආපසු ගෙවීම වඩාත් පහසු කරමින් Sejaya Micro Credit හා අත්වැල් බැඳගනියි

Sandun Senevirathne Junior Editorial Associate
9/14/20264 MINS
Pay&Go, ණය ආපසු ගෙවීම වඩාත් පහසු කරමින් Sejaya Micro Credit හා අත්වැල් බැඳගනියි

The partnership lets Sejaya's micro-entrepreneur clients repay loans through Pay&Go's kiosks, app, and POS network.

මෙම සහයෝගිතාවයෙන්, Sejaya හි ක්ෂුද්‍ර ව්‍යවසායක ණය ගැනුම්කරුවන්ට Pay&Go හි kiosks යන්ත්‍ර, මොබයිල් Appසහ POS ජාලය හරහා ණය වාරික ගෙවීමේ පහසුව සැලසේ.

Pay&Go සන්නාමය මෙහෙයවන MegaPay (Pvt) Ltd, ශ්‍රී ලංකාව පුරා ශාඛා 55 කට අධික ප්‍රමාණයක්හරහා සේවාවන් සපයන, ජපානයේ Gojo & Company සමාගමේ පුර්ණ අනුබද්ධ, මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන Sejaya Micro Credit සමාගම සමඟ අත්වැල් බැඳගෙන තිබේ. මෙරට මුල්‍ය ක්ෂේත්‍රයේ නවතම පෙරළියක් සනිටුහන් කරන මෙමසහයෝගිතාවයෙන්, Sejaya ණය ගැනුම්කරුවන්ගේ වාරික ගෙවීම් දැන් අතිශය වේගවත් හා සරල අත්දැකීමක් වී ඇති අතර, එමඟින් දෙපාර්ශ්වයේම මූල්‍ය සමානාත්මතාවයේ අරමුණුද තවදුරටත් ශක්තිමත් කෙරේ.

දැන් Sejaya පාරිභෝගිකයින්ට එම මූල්‍ය ආයතනය කරා නොගොස්, Pay&Go මොබයිල් app හරහා, දිවයින පුරා විහිදුණු ස්වයං-සේවා Kiosks යන්ත්‍ර 1,000කට අධික ජාලය හෝ රට පුරා වෙළෙඳ සල්වල ඇති Pay&Go POS යන්ත්‍ර හරහා ඕනෑම වේලාවක ණය වාරික ගෙවීමේ පහසුව ලැබී ඇත. සතියේ දින හතේ, පැය 24 පුරාම ක්‍රියාත්මක වන මෙම සේවාව මඟින් ගෙවීම් කළ සැණෙන්, ඩිජිටල් රිසිට්පතක් සහ තහවුරු කිරීමේ පණිවිඩයක් ලබාගත හැකිවීමද විශේෂත්වයකි.

MegaPay ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂ වර්දාන් අස්ලිබෙක්‍යන් මහතා මේ පිළිබඳව තම අදහස් පළ කළේය. “මෙය,සියලු දෙනාට පහසුවෙන් පිවිසිය හැකි ගෙවීම් ක්‍රමවේදයක් රටට හඳුන්වා දීමේ අපගේ මෙහෙවරේ තවත් වැදගත් පියවරක්. SEJAYA සමඟ එක්ව, මෙවැනි පහසුකමක් වඩාත්ම අවශ්‍ය ජනතාවට එය ලබාදීමට හැකි වීම අපට සුවිශාල සතුටක්.”

Sejaya හි ණය ගැනුම්කරුවන් වැඩි පිරිස කුඩා ව්‍යාපාර හා ස්වයං රැකියාවල නියුතු පිරිස් වන අතර, එම ව්‍යාපාර නඟාසිටුවීම සඳහා 'Repay & Grow' හරහා Pay&Go POS මඟින් පිරිනැමෙන ගෙවීම් විසඳුම් ඉදිරියේදී තවත් පුළුල් කිරීමේ හැකියාවද සමාගම් දෙකම සලකා බලමින් තිබේ. එමඟින්, ව්‍යාපාරිකයින්ට තම වෙළෙඳ සල්වලදීම, ගනුදෙනුකරුවන්ගෙන් කාඩ්පත් හරහා මුදල් ලබාගැනීමටත්, බිල්පත් ගෙවීම් භාර ගැනීමට අවස්ථාව සැලසීම අපේක්ෂාවයි. මේ පිළිබඳ වැඩිවිස්තර පාරිභෝගිකයින්ට ඉදිරියේදී දැනුම්දීමට නියමිත ය.

“අපගේ ගනුදෙනුකරුවන්, ඔවුන්ගේ ජීවන රටාවට ගැළපෙන මූල්‍ය සේවාවන්ට හිමිකම් කිව යුතු පිරිසක් මිස, මූල්‍ය ආයතනවල කොන්දේසිවලට කොටු විය යුතු පිරිසක් නෙවෙයි. Pay&Go හරහා අපි එය යථාර්ථයක් කර තිබෙනවා.” යනුවෙන්, Sejaya Micro Credit සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිසාන්ත් ෆ්‍රැන්සිස් මහතා සිය අදහස් පළ කළේය.

ආයතන දෙකේ සාකච්ඡා අනුව, ඉදිරියේදී ඩිජිටල් ගෙවීම් රට පුරා ප්‍රචලිත කෙරෙනු ඇත. ඒ සමඟින් ඩිජිටල් ගෙවීම් භාවිතය වැඩි කරමින්, ශ්‍රී ලාංකීය ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව නංවාලීමටද කටයුතු කෙරෙන අතර, ඩිජිටල් ගෙවීම් හරහා ජනතාව ආර්ථික වශයෙන් සවිබලගැන්වීමටද ආයතන දෙක සැලසුම් කර තිබේ.

"කිසිවකු අමතක නොකරමු" යන දැක්ම පෙරදැරිව, 2015 වසරේදී ක්ෂේත්‍රයට පිවිසි, Sejaya Micro Credit, අඩු ආදායම්ලාභී පවුල් හා ක්ෂුද්‍ර ව්‍යවසායකයින් වෙත මුල්‍ය සේවාවන් පිරිනැමීමේ මෙහෙවරට උරදෙන ආයතනයකි. Pay&Go හි kiosk යන්ත්‍ර ජාලය, මොබයිල් app සහ POS යන්ත්‍ර ඇතුළත් ඩිජිටල් යටිතල පහසුකම් ජාලය ඔස්සේ, ඩිජිටල් ගෙවීම් වඩාත් අවශ්‍ය පිරිසට සමීප කරමින් මුල්‍ය සමානාත්මතාවය සැමට උදාකිරීමටද ආයතනය කටයුතු කරයි.

මොබයිල් app, POS යන්ත්‍ර ජාලයක්, ස්වයං-සේවා Kiosks යන්ත්‍ර මෙන්ම, ඔන්ලයින් සේවාවන් යනාදී සියල්ල සමඟින් ජනතාවට පරිපූර්ණ මූල්‍ය විසඳුම් පිරිනමන Pay&Go, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඩිජිටල් ගෙවීම් සහ මුදල් ගෙවීම් ඒකාබද්ධ කරන ඩිජිටල් platform එකකි.

“කිසිවකු අමතක නොකරමු" යන අදිටනෙන් අඩු ආදායම්ලාභී පවුල් සහ ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගේ ජීවිත නඟාසිටුවීමට අඛණ්ඩව කැපවන, Sejaya Micro Credit, මෙරට ප්‍රමුඛතම, ඩිජිටල් ගෙවීම් සහ මුදල් ගෙවීම් විසඳුම් ඒකාබද්ධ කළ Pay&Go platform එක සමගින් මෙලෙස අත්වැල් බැඳගැනීමෙන්, එහි ඩිජිටල් යටිතල පහසුකම් ජාලය හරහා සැමට මුල්‍ය සමානාත්මතාව උදාකිරීමේ ආයතනික මෙහෙවර තව තවත් පුළුල් වේ. ඒ අනුව, මෙම සහයෝගිතාවය, ශ්‍රී ලාංකීය ජන ජීවිත සරුසාර කරමින්, ණය ගැනුම්කරුවන්ගේ දිලිඳුභාවය අවම කිරීමේ උදාර අරමුනු සාක්ෂාත් කිරීම උදෙසා වන සුවිශේෂී පියවරකි.

ආශ්‍රිත ලිපි

XpressJobs Recognised at Sri Lanka’s First National AI Awards for Agentic AI Innovation
Business

XpressJobs Recognised at Sri Lanka’s First National AI Awards for Agentic AI Innovation

10/1/2026
InTalent Asia’s “Toxic Boss” Campaign Wins Two Bronze Awards at SLIM DIGIS 2.6
Business

InTalent Asia’s “Toxic Boss” Campaign Wins Two Bronze Awards at SLIM DIGIS 2.6

9/30/2026
Vision Care Hearing Solutions Launches Hearing Ambassador Programme
Business

Vision Care Hearing Solutions Launches Hearing Ambassador Programme

9/29/2026
Digital Breakers Secures Gold and Three Additional Awards at SLIM DIGIS 2026 for Abans “Only Fans” Campaign
Business

Digital Breakers Secures Gold and Three Additional Awards at SLIM DIGIS 2026 for Abans “Only Fans” Campaign

9/28/2026
XpressJobs Named Official Recruitment Partner of Sri Lanka Skills Expo 2026
Business

XpressJobs Named Official Recruitment Partner of Sri Lanka Skills Expo 2026

9/28/2026
Gunda Power backs proposed night-time tariff for Sri Lanka's solar sector
Business

Gunda Power backs proposed night-time tariff for Sri Lanka's solar sector

9/25/2026
Ceyline Group unveils ‘Roots for the Future’ national reforestation initiative to celebrate 40th Anniversary
Business

Ceyline Group unveils ‘Roots for the Future’ national reforestation initiative to celebrate 40th Anniversary

9/24/2026
Hithawathi Teens Hub Expansion Project by FOUNDATION.LK bags Gold at NPMEA 2026
Business

Hithawathi Teens Hub Expansion Project by FOUNDATION.LK bags Gold at NPMEA 2026

9/24/2026
Softlogic Glomark දියත් කළ “ගෙට Better Life” ප්‍රචාරණ වැඩසටහන, Dragons of Sri Lanka 2026 සම්මාන උළෙලේ රන් සම්මානයෙන් පිදුම් ලබයි
Business

Softlogic Glomark දියත් කළ “ගෙට Better Life” ප්‍රචාරණ වැඩසටහන, Dragons of Sri Lanka 2026 සම්මාන උළෙලේ රන් සම්මානයෙන් පිදුම් ලබයි

9/24/2026
Storex Renewables Partners with World's No. 1 Sigenergy to Answer Sri Lanka's Solar Policy Shift
Business

Storex Renewables Partners with World's No. 1 Sigenergy to Answer Sri Lanka's Solar Policy Shift

9/24/2026
දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර සහ බදුල්ලේ දරුවන් 80කට ටෝකියෝ සිමෙන්ති සමූහයේ ශක්තිය
Business

දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර සහ බදුල්ලේ දරුවන් 80කට ටෝකියෝ සිමෙන්ති සමූහයේ ශක්තිය

9/23/2026
Fairfirst named Best Marine Insurance Company in Sri Lanka 2026
Business

Fairfirst named Best Marine Insurance Company in Sri Lanka 2026

9/21/2026
LEVEL UP 2.0 strengthens Imperial College’s position as a platform for professional growth in Kandy
Business

LEVEL UP 2.0 strengthens Imperial College’s position as a platform for professional growth in Kandy

9/16/2026
Payments.lk by Payable takes on traditional payment gateways by offering zero monthly fees, lowest published rates
Business

Payments.lk by Payable takes on traditional payment gateways by offering zero monthly fees, lowest published rates

9/16/2026
Rivon Agriglobe and Rivon Lanka Introduce ZETOR, Agriglobe Tractors and Rover E-Bikes to Sri Lankan Market
Business

Rivon Agriglobe and Rivon Lanka Introduce ZETOR, Agriglobe Tractors and Rover E-Bikes to Sri Lankan Market

9/15/2026
2026 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේ දී TOKYO SUPERMIXට සම්මාන ත්‍රිත්වයක්
Business

2026 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේ දී TOKYO SUPERMIXට සම්මාන ත්‍රිත්වයක්

9/14/2026
MullenLowe Group Sri Lanka Becomes BBDO Sri Lanka
Business

MullenLowe Group Sri Lanka Becomes BBDO Sri Lanka

9/14/2026
Surge Acquires Majority Stake in IDEA8 to Launch Surge Robotics
Business

Surge Acquires Majority Stake in IDEA8 to Launch Surge Robotics

9/14/2026
BestWeb.LK 2026 Crowns Sri Lanka’s Best Websites at Grand Awards Night
Business

BestWeb.LK 2026 Crowns Sri Lanka’s Best Websites at Grand Awards Night

9/13/2026