NEWZ [.LK]
NEWZ [.LK]
Business

Softlogic Glomark දියත් කළ “ගෙට Better Life” ප්‍රචාරණ වැඩසටහන, Dragons of Sri Lanka 2026 සම්මාන උළෙලේ රන් සම්මානයෙන් පිදුම් ලබයි

Sandun Senevirathne Junior Editorial Associate
9/24/20263 MIN READ
Softlogic Glomark දියත් කළ “ගෙට Better Life” ප්‍රචාරණ වැඩසටහන, Dragons of Sri Lanka 2026 සම්මාන උළෙලේ රන් සම්මානයෙන් පිදුම් ලබයි

Softlogic GLOMARK, has been recognised at the Dragons of Sri Lanka Awards 2026

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳ සල් ජාලයක් වන Softlogic GLOMARK, ඉකුත් දා පැවති Dragons of Sri Lanka Awards 2026 සම්මාන උළෙලේදී ලෝයල්ටි සහ නිෂ්පාදන අත්පත් කරගැනීමහා නැවත එළිදැක්වීම සඳහා වන Gold and Black Dragon සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම කීර්තිමත් සම්මානය දිනාගනිමින්, වත්මන් පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ස්වකීය ගමන්මග සාර්ථකව වෙනස් කළ බව විදහා දක්වන GLOMARK, මිල ගණන් හෝ පහසුව පමණක් සලකා වෙළෙඳ පොළ තරගයට අවතීර්ණ නොවී, “ඔබේ නිවහනට හොඳම ජීවයක්” ලබාදීමේ සංකල්පය අනුව කටයුතු කිරීමට සමත් විණි. ඒ අනුව දියත් කළ සුවිශේෂී ප්‍රචාරණ වැඩසටහන හරහා පාරිභෝගිකයින්ගේ භාණ්ඩ මිලදී ගැනීමේ අත්දැකීම, මුළු පවුලේම සෞඛ්‍යය හා යහපැවැත්ම උදෙසා මහඟු අවස්ථාවක් බවට පත් කෙරිණි.

"ගෙට Better Life" නමින් රට පුරා දියත් කෙරුණු ප්‍රචාරණ ව්‍යාපාරය, හුදෙක් වෙළෙඳ දැන්වීමකට පමණක් සීමා වූවක් නොවේ. එය, පාරිභෝගිකයින්ට හුරුපුරුදු ජින්ගල් නාදයෙන් සහ ආකර්ෂණීය දර්ශනවලින් ඔබ්බට ගොස්, ඔවුන්ගේ භාණ්ඩ මිලදීගැනීමේ අත්දැකීම මුළුමනින්ම වෙනස් කිරීමට සමත්ප්‍රචාරණ වැඩසටහනකි. සුවිශේෂී ලෙස සකස් කළ වෙළෙඳ සල් පරිශ්‍රයක, ඒ සඳහාම පුහුණු කළ කාර්ය මණ්ඩලයක සහයෙන්, ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන ගණනාවක් හරහා පාරිභෝගිකයින්ට වඩාත් ගුණදායක හා සෞඛ්‍යාරක්ෂිත තේරීම් පහසුවෙන් ලබාගැනීමට එමඟින් ඉඩකඩ සලසා තිබිණි.

පාරිභෝගිකයින්ගේ හදවත් දිනාගනිමින්, GLOMARK කළ මෙම සුවිශේෂී වෙනසත් සමඟින්, එහි ලෝයල්ටි පාරිභෝගික පදනම 21% කින්ද, වෙළෙඳ සල් කරා ඇදී එන පාරිභෝගික ප්‍රතිශතය 33% කින්ද වැඩි විය. විශේෂයෙන්ම, එම වෙළෙඳ සල්වල ස්ථිර පාරිභෝගික පදනමද50% කින් ඉහළ යාමෙන් පැහැදිලි වන්නේ, මිල හා පහසුව පමණක් නොසලකා, සැබෑම පාරිභෝගික අවශ්‍යතාවන් සපුරාලමින් ඒ හරහා ගොඩනඟාගන්නා විශ්වාසය අතිශයින් සාර්ථක වන බවයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Softlogic GLOMARK හි ප්‍රධාන විධායක නිලධාරී ටෙරී ඕ'කොනර් මහතා මෙලෙසසඳහන් කළේය. “මෙම සම්මානය, අපේ දීර්ඝකාලීන සැලසුම් සාර්ථක වෙමින් තිබෙන බවට කදිම සාක්ෂියක්. අපි වෙළෙඳ පොළට මෙම සන්නාමය හඳුන්වාදී තිබෙන්නේ, මිල හෝ පහසුව පමණක් නොසලකා, ප්‍රයෝජනවත් අත්දැකීමක් තුළින් පාරිභෝගිකයින්ගේ එදිනෙදා ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණෙන්. GLOMARK හි අනාගතය වෙනුවෙන් දැවැන්ත ආයෝජන සිදුකරන කාලයක, මෙවැනි කීර්තිමත් ඇගයීම්වලින් හා අපගේ ව්‍යාපාරික දියුණුව තුළින්ද, අපගේ මාවත නිවැරදි බවට වූ විශ්වාසය තහවුරු කිරීමට මෙම සම්මානය ඉමහත් ශක්තියක්.”

Softlogic GLOMARK හි අලෙවි ප්‍රධානී චමින්ද්‍රි පිළිමතලාවේ මහත්මිය අදහස් දැක්වූයේ මෙලෙසයි. "අපේ පාරිභෝගිකයින් දැන් වැඩි වැඩියෙන් යොමු වී සිටින්නේ, වඩාත් බුද්ධිමත්, සෞඛ්‍යාරක්ෂිත, හොඳම නිෂ්පාදන තෝරාගැනීමටයි. අප සන්නාම සැලසුම් හරහා එම වෙනස්කම්වලට සාර්ථකව මුහුණ දී ඇති බව, මෙයින් තහවුරු වෙනවා. අපගේ සුපිරි වෙළෙඳ සල්වල සෑම රාක්කයකින්ම පාරිභෝගිකයින්ට මඟ පෙන්වමින් අපි සිදුකරන්නේ, වඩාත් යහපත් තෝරාගැනීම් සමඟින් ඔවුන්ගේ ජීවිත හැඩගස්වා ගැනීමට සහය වීමයි. ඒ අනුව, අපි හුදෙක් සුපිරි වෙළෙඳ සලක කාර්ය භාරය ඉක්මවා ජනතාවගේ ජීවන දැක්මත්, ජීවන ක්‍රමයත් හැඩගැස්වීමේ වගකීම, අපි අතිශයින්ම බැරෑරුම් ලෙස භාරගෙන තිබෙනවා. 'Better Life', එක් වරක් පමණක් දියත් කෙරෙන ප්‍රචාරණ වැඩසටහනක් නෙවෙයි. එය, හුදෙක් පාරිභෝගිකයින් වෙළෙඳ සල්වලට ගෙන්වා ගැනීමට වඩා, ඔවුන් හා සැබෑ සම්බන්ධතා ගොඩනඟා ගනිමින්, GLOMARK හි දැක්ම සාක්ෂාත් කරගැනීම සඳහා මූලික වශයෙන් සිදුකෙරෙන වෙනස්කම් පෙන්නුම් කරන වැඩසටහනක්. "

Softlogic GLOMARK හි වාණිජ හා සැපයුම් ජාල අධ්‍යක්ෂ, තිලෝක මරසිංහ මහතා මෙසේ පැවසීය.“අපගේ සැපයුම්කාර ආයතන හාඅප සමඟ අත්වැල් බැඳගත් ආයතන මේ උදාර අරමුණට වටා පෙළගස්වා තිබෙන අතර, එම අරමුණ සාක්ෂාත් කරගැනීමට ක්‍රියාකාරීව එක්වන හැටියටත් අපි ඔවුන් දිරිගන්වනවා. මෙය ආරම්භය තුළින්, ඉදිරියේදී අපගේ අනෙකුත් වෙළෙඳ සල්ද 'Better Life' සංකල්පය අනුව ඉදිරිපත් කිරීම අරමුණයි. සුපිරි වෙළෙඳ සල්වලින් භාණ්ඩ තෝරා ගැනීමේ පටන් ඔවුන්ට මඟපෙන්වීම් දක්වා සෑම පියවරක්ම සකස් කර තිබෙන්නේ, යහපත් තේරීම් සඳහා පහසු පරිදියි. ඒ අනුව, අපගේ ඉහළ යන ස්ථාවර පාරිභෝගික පදනමෙන්, මෙය පාරිභෝගිකයින්ට වඩාත් ගැළපෙන බවට සනාථ වෙනවා.”

එළඹෙන නොවැම්බර් මාසයේදී, අට වැනි සංවත්සර සැමරුම යෙදී ඇති Softlogic GLOMARK, වසර හතකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ භාණ්ඩ වෙළෙඳ පොළේ නමක් රැන්දූ ප්‍රමුඛ පෙළේ ආයතනයකි. ක්ෂේත්‍ර රැසක විහිදුණු පුළුල් ව්‍යාපාර ජාලයක් සහිත Softlogic Holdings PLC සමාගම් සමූහය අනුබද්ධ GLOMARK, තොරතුරු තාක්ෂණ, සෞඛ්‍ය සේවා, භාණ්ඩ අලෙවිය, මූල්‍ය සේවා, වාහන සහ විනෝදාස්වාද සේවා යන ක්ෂේත්‍ර රැසක් හරහා ආර්ථිකයට අභිමානවත් දායකත්වය සපයයි.

ආශ්‍රිත ලිපි

XpressJobs Recognised at Sri Lanka’s First National AI Awards for Agentic AI Innovation
Business

XpressJobs Recognised at Sri Lanka’s First National AI Awards for Agentic AI Innovation

10/1/2026
InTalent Asia’s “Toxic Boss” Campaign Wins Two Bronze Awards at SLIM DIGIS 2.6
Business

InTalent Asia’s “Toxic Boss” Campaign Wins Two Bronze Awards at SLIM DIGIS 2.6

9/30/2026
Vision Care Hearing Solutions Launches Hearing Ambassador Programme
Business

Vision Care Hearing Solutions Launches Hearing Ambassador Programme

9/29/2026
Digital Breakers Secures Gold and Three Additional Awards at SLIM DIGIS 2026 for Abans “Only Fans” Campaign
Business

Digital Breakers Secures Gold and Three Additional Awards at SLIM DIGIS 2026 for Abans “Only Fans” Campaign

9/28/2026
XpressJobs Named Official Recruitment Partner of Sri Lanka Skills Expo 2026
Business

XpressJobs Named Official Recruitment Partner of Sri Lanka Skills Expo 2026

9/28/2026
Gunda Power backs proposed night-time tariff for Sri Lanka's solar sector
Business

Gunda Power backs proposed night-time tariff for Sri Lanka's solar sector

9/25/2026
Ceyline Group unveils ‘Roots for the Future’ national reforestation initiative to celebrate 40th Anniversary
Business

Ceyline Group unveils ‘Roots for the Future’ national reforestation initiative to celebrate 40th Anniversary

9/24/2026
Hithawathi Teens Hub Expansion Project by FOUNDATION.LK bags Gold at NPMEA 2026
Business

Hithawathi Teens Hub Expansion Project by FOUNDATION.LK bags Gold at NPMEA 2026

9/24/2026
Storex Renewables Partners with World's No. 1 Sigenergy to Answer Sri Lanka's Solar Policy Shift
Business

Storex Renewables Partners with World's No. 1 Sigenergy to Answer Sri Lanka's Solar Policy Shift

9/24/2026
දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර සහ බදුල්ලේ දරුවන් 80කට ටෝකියෝ සිමෙන්ති සමූහයේ ශක්තිය
Business

දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර සහ බදුල්ලේ දරුවන් 80කට ටෝකියෝ සිමෙන්ති සමූහයේ ශක්තිය

9/23/2026
Fairfirst named Best Marine Insurance Company in Sri Lanka 2026
Business

Fairfirst named Best Marine Insurance Company in Sri Lanka 2026

9/21/2026
LEVEL UP 2.0 strengthens Imperial College’s position as a platform for professional growth in Kandy
Business

LEVEL UP 2.0 strengthens Imperial College’s position as a platform for professional growth in Kandy

9/16/2026
Payments.lk by Payable takes on traditional payment gateways by offering zero monthly fees, lowest published rates
Business

Payments.lk by Payable takes on traditional payment gateways by offering zero monthly fees, lowest published rates

9/16/2026
Rivon Agriglobe and Rivon Lanka Introduce ZETOR, Agriglobe Tractors and Rover E-Bikes to Sri Lankan Market
Business

Rivon Agriglobe and Rivon Lanka Introduce ZETOR, Agriglobe Tractors and Rover E-Bikes to Sri Lankan Market

9/15/2026
2026 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේ දී TOKYO SUPERMIXට සම්මාන ත්‍රිත්වයක්
Business

2026 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේ දී TOKYO SUPERMIXට සම්මාන ත්‍රිත්වයක්

9/14/2026
MullenLowe Group Sri Lanka Becomes BBDO Sri Lanka
Business

MullenLowe Group Sri Lanka Becomes BBDO Sri Lanka

9/14/2026
Pay&Go, ණය ආපසු ගෙවීම වඩාත් පහසු කරමින් Sejaya Micro Credit හා අත්වැල් බැඳගනියි
Business

Pay&Go, ණය ආපසු ගෙවීම වඩාත් පහසු කරමින් Sejaya Micro Credit හා අත්වැල් බැඳගනියි

9/14/2026
Surge Acquires Majority Stake in IDEA8 to Launch Surge Robotics
Business

Surge Acquires Majority Stake in IDEA8 to Launch Surge Robotics

9/14/2026
BestWeb.LK 2026 Crowns Sri Lanka’s Best Websites at Grand Awards Night
Business

BestWeb.LK 2026 Crowns Sri Lanka’s Best Websites at Grand Awards Night

9/13/2026