2026 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේ දී TOKYO SUPERMIXට සම්මාන ත්‍රිත්වයක්

Tokyo Cement Group’s Ready-Mix Concrete business unit, won three prestigious awards at the Sri Lankan Sustainability Awards (SSA) 2026
ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (Ceylon Institute of Builders - CIOB) සහ මොරටුව විශ්ව විද්‍යාලය සමඟ එක්ව සංවිධානය කරන ලද 2026 ශ්‍රී ලංකා තිරසාර සම්මාන රාත්‍රියේදී, ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයට අයත් පෙර-මිශ්‍රිත කොන්ක්‍රීට් ව්‍යාපාරික ඒකකය වන ටෝකියෝ සුපර්මික්ස්, කීර්තිමත් සම්මාන තුනක් දිනා ගන්නා ලදී. 'තිරසාර පෙර-මිශ්‍රිත කොන්ක්‍රීට් (RMC) සන්නාමය', 'තිරසාර හරිත ඉදිකිරීම් නවෝත්පාදනය' සහ 'තිරසාර නිෂ්පාදන මධ්‍යස්ථානය' යන කාණ්ඩ ත්‍රිත්වය යටතේ සමාගම ඉහළම ඇගයීමට පාත්‍ර වූ අතර, ඒ හරහා ශ්‍රී ලංකාවේ පෙර-මිශ්‍රිත කොන්ක්‍රීට් සැපයුම් ක්ෂේත්‍රය තුළ පරිසර හිතකාමී ඉදිකිරීම් ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීමෙහිලා TOKYO SUPERMIX දක්වන අසමසම කැපවීම තවදුරටත් තහවුරු කරගන්නා ලදී.
වගකීම් සහගත නිෂ්පාදන ක්‍රියාවලීන් ඇසුරින් නිපදවන නවමු පරිසරහිතකාමී ඉදිකිරීම් අමුද්‍රව්‍ය වලින් පටන් හරිත ඉදිකිරීම් ක්ෂේත්‍රයක් ස්ථාපනය කරවීමට සහාය වන උසස් තත්ත්වයේ කොන්ක්‍රීට් නිෂ්පාදන සැපයීම දක්වා, තම මෙහෙයුම් ක්‍රියාවලියේ සෑම අංශයකටම තිරසාරභාවය ඒකාබද්ධ කිරීමට TOKYO SUPERMIX ගෙන ඇති දිගුකාලීන පියවර මෙම සම්මාන මගින් සහතික කෙරේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වඩාත් තිරසාර අනාගතයක් උදෙසා දායක වන නවෝත්පාදන, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ වගකීම් සහගත ව්‍යාපාරික භාවිතයන් වෙනුවෙන් සමාගම අඛණ්ඩව සිදු කරන ආයෝජන ද මෙම වැදගත් සම්මාන ත්‍රිත්වය මගින් ඉස්මතු කරනු ලබයි.
මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් කණ්ඩායමට සුබ පැතුම් එක් කරමින්, සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එම්. දයානන්දන් මහතා මෙසේ පැවසීය: "ලංකාවේ විශාලතම කොන්ක්‍රීට් සැපයුම් ජාලයට හිමිකම් කියන අපගේ නිෂ්පාදන මෙහෙයුම දැඩි පාරිසරික වගකීමකින් යුතුව ක්‍රියාත්මක කරවීමට TOKYO SUPERMIX කණ්ඩායමේ සියළුම සාමාජිකයින් දක්වන කැපවීම සහ, පරිසරහිතකාමී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවතම ගෝලීය සංකල්ප ක්‍රියාත්මක කිරීම උදෙසා දක්වන විශේෂඥතාව නොතිබෙන්නට මෙම විශිෂ්ට ජයග්‍රහණය අත්කර ගැනීමට අපට හැකිවන්නේ නැහැ. කර්මාන්තයේ ප්‍රමිතීන් ඉහළ නංවමින් සමාගම විසින් හිමිකරගෙන සිටින අඛණ්ඩ පාරිභෝගික විශ්වාසය තහවුරු කරගැනීමට සහ තිරසාර ඉදිකිරීම් ක්ෂේත්‍රයක් උදෙසා යොමු වීමට මෙම අගයකිරීම අපට හොඳ උත්තේජනයක් ලබාදෙන බව නිසැකයි."
ටෝකියෝ සිමෙන්ති සමූහයේ තිරසාරභාවය සඳහා ඇති අසමසම කැපවීම, TOKYO SUPERMIX විසින් සපයනු ලබන පුළුල් පරාසයක කොන්ක්‍රීට් මිශ්‍රණ සැලසුම් හරහා තවදුරටත් ශක්තිමත් වේ. නවතම තාක්‍ෂණික ක්‍රමවේද සහ ගෝලීය විශේෂඥ දැනුම උපයෝගී කරගනිමින්, TOKYO SUPERMIX නව්‍ය, උසස් තත්ත්වයේ කොන්ක්‍රීට් විසඳුම් ලබා දෙන අතර, තිරසාර ඉදිකිරීම් කර්මාන්තයක් රටතුල ස්ථාපන කරවීමට කැපවී සිටියි. ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති පදනම් කරගත් නව්‍ය ඉදිකිරීම් අමුද්‍රව්‍ය නිෂ්පාදකයා වන ටෝකියෝ සිමෙන්ති සමූහය, ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ තිරසාරභාවය කෙරෙහි නොසැලෙන අවධානයක් යොමු කරමින් ජාතිය ගොඩනැගීමේ ප්‍රමුඛ හවුල්කරු ලෙස සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ.


















